බණ කියන රටක් - එඩ්වඩ් ජයකොඩි | Bana kiyana ratak - Edward Jayakodi


බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා

පිං පුරන හිතක්
පව් නොදුටු අතක්
යුධ බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක්
නොදැණුනිය ඉවක්
යුධ බිමක් වුණේ එලෙසා

බණ කියන රටක්...

සාමයට මගක්
යුධ බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින ඇසක්
සිත් නිවන මගක්
නොතිබුණිය රටම රවටා

බණ කියන රටක්...


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - රඹුකන සිද්ධාර්ත හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - THARAKA SAMARASINGHA

Comments