එම්බා ගංගා - සුනිල් සාන්ත | Emba ganga - Sunil Santha


එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ

කන්ද කපවු
ගල් පෙරළවු
වේලි බඳිවු
ගමන බිඳිවු
ගංගාවේ
ගංගාවේ

දිය අරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස පුරවව්
ගංගාවේ
ගංගාවේ

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ

හිටු එම්බා
ගඟ පුම්බා
දිය ලම්බා
පැරකුම්බා
ගංගාවේ
ගංගාවේ

වැඩට අපේ
දිය නො මැ දී
මුහුද කරා
යනු වැරදී
ගංගාවේ
ගංගාවේ

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ


ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - අරිසෙන් අහුබුදු
නව ගැයුම - අයිවෝ ඩෙනිස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Mayththri Singhe

Comments

  1. මේ අද්විතීය ගායකයාගේ රුපය මෙන්ම අපරාජිත කටහඬ ඉදිරිපත් කිරීම ගැන ඔබට කොහොම ස්තුති කරන්නද මට නම් තේරෙන්නේ නැහැ.ඔබේ මේ වයම ඉදිරියටම ගෙන යන්න,

    ReplyDelete
    Replies
    1. ස්තූති කරන්න ඕන මේ නිර්මාණ අන්තර්ජාලයට එකතු කරපු උදවියටයි :-D

      Delete
  2. mevage song thave dane lassanyi

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...