පියුම් නීල විල - ටී.එම්.ජයරත්න - Piyum Neela Vila - T.M. Jayarathne


පියුම් නීල විල උපන් වියේ..
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී..
මගෙ හිත දුකින් රිදේ..

සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී..
වසන්ත කතාව කියන්න
කෝමල සිනා පොදින්..

ඔබගේ වරලේ..
කුසුමේ සුදු රේණු පවා..
සුවඳ දෙවා - පාවේ රෑ සිහිනේ..
මා හා රෑ පානේ..

පියුම් නීල විල...

ඔබගේ.. දෙපයේ..
වෙලෙනා හඬනු පුරයේ
රන්වන් පෙම් වරුනේ
ආදර ගී වරුනේ..

පියුම් නීල විල...

ගායනය - ටී.එම්.ජයරත්න
සංගීතය -ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - අජන්තා රණසිංහ


Comments

  1. පද - ආචාර්ය අජන්තා රණසිංහ
    ස්වර - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
  2. සංගීත අධ්‍යක්ෂණය කේමදාස මාස්ටර්ගෙනම් නෙවේ, ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...