නිල් නුවන් පියවිලා - අතුල ශ්‍රී ගමගේ | Nil nuwan piyawila - Athula Sri Gamage


නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
ඈත මංසලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ
ඈත මංසලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ


ගායනය - අතුල ශ්‍රී ගමගේ
සංගීතය - නිහාල් ගම්හේවා
ගී පද - නිහාල් ගම්හේවා




වීඩියෝව ගත්තෙ මෙතනින් - evokelk

Comments

  1. මම ගොඩක් කැමති සිංදුවක්. බොහොම ස්තූති

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...