ලන්ද දිගේ හැංගි හොරා - නන්දා පතිරණ | Landa dige hangi hora - Nanda Pathirana


ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැඳේ තාම බැඳීලා
සීත රැයේ හඬනා දෑස ගියාවේ
දෑත ඔබේ ලෝකේ සොයාලා

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
පාළු සිතේ ශෝක නිවාලා
ජීවිතයේ තනි වී දෑත රැඳේවා
ආයේ ඔබේ දෑතේ බැඳීලා..

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

ගායනය - නන්දා පතිරණ
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva

Comments