රොන් සුවඳ ගෙන - උරේෂා රවිහාරි, ශිහාන් මිහිරංග | Ron suwanda gena - Uresha Ravihari, Shihan Mihiranga



රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරන්නම් සොදුරුද මිහිරී

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට //
හිරිමල් සිතිවිලි කලතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද //
නිකැලැලි පතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරන්නම් සොදුරුද මිහිරී

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ


ගායනය - උරේෂා රවිහාරි, ශිහාන් මිහිරංග
තනුව - මහේෂ් දෙනිපිටිය
ගී පද - නිලාර් එන්. කාසි
'සුවඳ දැනුනා ජීවිතේ' චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - sahan2u

Comments