කඳුළින් අවසන් වන පෙම් පුවතට -‍ දමයන්ති ජයසූරිය | Kandulin awasan wana pem puwathata - Damayanthi Jayasooriya


කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ //

හිරකරලනු බැරි සෙනේ හැඟුම් දිය
උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස්වලින් රිදුම් ලැබ
පෙම් සිත් බලා හිඳියි
උහුලා ගනු හැකි වෙද මේ සෙනෙහස
සිඳී බිඳී යා නම්

කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

සිහිලස රැඳි තුරු ලතා ගුලාවක
සඟවා මා පැතුමන්
පියා සරන්නට එපා බිඟුන් ලෙස
රහසින් දැක අන් මල්
උහුලා ගනු හැකි වෙද ඔබ උණුහුම
නිවී මැකී යා නම්

කඳුළින් අවසන් වන පෙම් පුවතට
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ //


ගායනය -‍ දමයන්ති ජයසූරිය
තනුව - රෝහණ වීරසිංහ
පද - වසන්ත කුමාර කොබවක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Chuty Perera

Comments

  1. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...