ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් - කරුණාරත්න දිවුල්ගනේ | Oba dannawanam - Karunarathna Divulgane


ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපුනු මලත් කළු දෙබරු ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

ඔබ දන්නවනම්...

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නවනම්...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - තිස්සසිරි පෙරේරා

Comments

  1. මේ ගීතයේ සංගීත නිර්මාපකයා තිස්සසිරි පෙරේරා මහතා

    ReplyDelete
  2. ස්තූතියි මනූ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...