මගෙ නාමලී - හරූන් ලන්ත්‍රා | Mage namali - Haroon Lanthra - sinhala lyrics


මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ..

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා..
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා..

මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ රස පිටවුනා..
අනුරාගියේ හඳ නලවනා ඒ
ගී හඩේ ඔබ සැඟවුනා..

මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා...


ගායනය - හරූන් ලන්ත්‍රා
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ආර්. මුත්තුසාමි


වීඩියෝව ගත්තේ මෙතැනින් - Evoke Music

Comments

  1. youtube link
    https://www.youtube.com/watch?v=is4o5bwkdZI

    ReplyDelete
  2. බට ලී හඩේ තාලේ මගේ
    ..
    අනුරාගියේ හද නලවනා

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...