ජීවිතය ඔබෙන් දැන - දයාන් විතාරණ | Jeewithaya oben dena - Dayan Witharana


ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන


ගායනය - දයාන් විතාරණ
පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - නවරත්න ගමගේ

Comments

  1. ආදරය තරම් සුවයක් මිහි මත නැත..

    ReplyDelete
  2. 1st line සිප - සිඹ
    2nd line කැටය - කැටයක්
    4th line සදාදර - දයාබර
    7th line මෙහි මට - මිහිමත
    11th line ස්නේහයට - ස්නේහයක

    ReplyDelete
    Replies
    1. වෙනස් කලා...ස්තුතියි සහෝ..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...