වළා අතුල සිරියහනේ - අමරසිරි පීරිස් | Wala Athula Siri Yahane - Amarasiri Peiris


වළා අතුල සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා...

මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඬුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා...

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එලියෙන් නලියනවා...

නොදරුවෙකු අතින් බොඳවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා...

කිරිවැදී නටන ගොයමට
මීදුමින් වැටී පිණිකැට
රන්දමක් ලෙසින් ගෙල වට
රනින් දිලෙනවා...

හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා...

වළා අතුල...//


ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිල් රත්නායක
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

(සුනිල් රත්නායකයන්ගේ "දළ රළ පෙල" ටෙලිනාට්‍යයේ තේමා ගීතයයි)



වීඩියෝව - Ransiri Silva

Comments

  1. මීදුමින් වැටුණු පිණිකැට

    ReplyDelete
    Replies
    1. මීදුමෙන් වැටී පිණිකැට කියලත් කියවෙන නිසා ඒ විධියටම තියෙන්න ඇරියා මන්රුචි. ස්තූති වේවා ඔයාගෙ අදහසට! දිගටම රැඳෙන්න.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...