වීනාවී - කසුන් කල්හාර | Veenawi - Kasun Kalhara - sinhala lyrics


වීනාවී උරතලයේ රැදෙන්න
සත්සර රැව් නඟන්න..වීනාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න.. කොවුලාන

තරු මල් හිස අහසට - නිල් සළු නිලි යහනට
නිදන්න යාවි තරින්ඳු...
කඬුපුල් මල් යායට - පෙම් බැද ගෙන සුවදට
නොනිදයි මගෙ බඹරින්දු...

වීනාවී....//

නියගින් තනින් තනට - ඇන හදවත සොයන්න
අවසර දෙයිද එ ලන්ඳු...
මා හද මඬලට එයිද - කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්ඳු...

වීනාවී....//

ගායනය - කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා බුලත්සිංහල
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


Comments

  1. නියඟින් තදින් තදට - පැන හදවත සොයන්න
    අවසර දෙයිද එ ලන්දු...

    මම ගොඩක් කැමති සින්දුවක්..මේ ගීතයේ රචකයා කවුද කියලා පුළුවන් නම් කියන්න.මං දන්න විදියට මේ ගීතය ටෙලි නාට්‍යයක තේමා ගීතයක්

    ReplyDelete
    Replies
    1. නියගින් තතින් තතට ඇන හදවත සොයන්න ලෙස නිවැරදි වියයුතුයි

      Delete
    2. වෙනස් කළා සහෝ...ස්තූතියි..!

      Delete
  2. රූප පෙට්ටිය කියන්නෙ මොකක්ද? මේක ඒකෙ කෑකක් ද?
    ගායිකාව කවුද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...