සුවඳ මල් රේණු පිස එන - ඉමාන් පෙරේරා | Suwanda mal renu pisa ena - Iman Perera - sinhala lyrics



සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිනි වදුල සඟවා
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොද මලක සුමුදු රල පෙති
කොපුල් තලාවා...

සුවඳ මල්...//

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ සඳවත
පුබුදු කරාවා...
නොඹා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

සුවඳ මල්...//



ගායනය - ඉමාන් පෙරේරා
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර



Comments