අහසයි ඔබ මට - සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී | Ahasai oba mata - Sunil Edirisinghe, Deepika Priyadarshani



අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි...

ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ..
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා...

අහසයි ඔබ මට..//

‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දුල රන් සිළුව ඔබයි..
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි...

අහසයි ඔබ මට.. //

ගායනය - සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්


Comments

  1. පද රචනය: බන්දුල නානායක්කාරවසම්
    සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete
  2. අගාත අඳුරක "දුල" (දිදුලන) රන් සිළුව ඔබයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...