උන්මාද වූ ප්‍රේමාදරේ - දමයන්ති ජයසූරිය, කමල් අද්දරආරච්චි | Unmada wo premadare - Damayanthi Jayasuriya, Kamal Addaraarachchi - sinhala lyrics


උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

රළ පෙල කැලඹේ හසගන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදිනගනීදෝ...

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ...

ගායනය - දමයන්ති ජයසූරිය, කමල් අද්දරආරච්චි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කැමිලස් පෙරේරා

Comments

  1. ලබැඳි හඬ කමල් අද්දරආරච්චි සමග දමයන්ති ජයසූරිය.... (නීලා වික්‍රමසිංහ නොවෙයි)

    ReplyDelete
  2. @ Anonymous: බොහොමත්ම ස්තූතියි අදහසක් දක්වා වරද නිවැරදි කලාට.
    ඒ සමගම ගී පැදුරේ නිතර රැදී සිටීමටත් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා..

    ReplyDelete
  3. හසවතට ගොඩක් සමීප වෙච්චි සින්දුවක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...