පියමන් කෙරුවෙමු - සෝමතිලක ජයමහ | Piyaman keruwemu - Somathilaka Jayamaha



පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔභ හැර යන්නට...//

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි...//
මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද...//

පියමන් කෙරුවෙමු...//

නෙත කඳුලින් හසකැනින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මන මත් කල...//
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දායාදර...//

පියමන් කෙරුවෙමු...//

ගායනය - සෝමතිලක ජයමහ, සමිතා මුදුන්කොටුව
සංගීතය - සෝමතිලක ජයමහ
ගී පද - සෝමතිලක ජයමහ


වීඩියෝව ගත්තෙ - SSHM Entertainment


Comments

  1. නෙත කඳුලින් හසකැනින් මුවා කළ වෙන්න ඕන නේද?

    ReplyDelete
    Replies
    1. හැදුවා... ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...