සැදෑ අඳුර ලොව - සෝමතිලක ජයමහ | Sandae andura lowa galana - Somathilaka Jayamaha


සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
එතෙර වන්න නිඹදේ...

සැදෑ අඳුර ලොව...//

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//
අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - සෝමතිලක ජයමහ
පද රචනය - සෝමතිලක ජයමහ

Comments

  1. ගොඩක් සංවේදී ගීතයක්..තනියම ගැඹුරින්ම රස විඳින්නට පුළුවන්.ජීවන අත්දැකීමකින් වෙන්නැති මේ ගීතය ලියන්න ඇත්තේ.සංගීතය, පද රචනාව, ගායනය යන ත්‍රිත්වයම සෝමතිලක ජයමහ මහතා අතින්ම සිදු වෙන හින්දා මේ ගීතය ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා කියලයි මගේ හැඟීම...
    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ....!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...