නුග සෙවණක් සේ - සෝමතිලක ජයමහ | Nuga sewanak se - Somathilaka Jayamaha


නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි...//

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න...//
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවණක් සේ...//

සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න...//
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න

නුග සෙවනක් සේ...//


ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - සෝමතිලක ජයමහ
ගී පද - සුනිල් ආරියරත්න

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගෙ අතිනුත් වරදක් වෙලා.. ගංගාවකි මා සුනිමල් වෙන්න ඕනෙ..

      Delete
    2. නිවැරදි කලා. බොහොම ස්තූතියි!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...