නන්දනීය පෙම - සේනානායක වේරලියද්ද | Nandaneeya pema - Senanayaka Weraliyadda


නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//

නන්දනීය පෙම...//

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..//

නන්දනීය පෙම...//

ගායනය - සේනානායක වේරලියද්ද,
පද රචනය - නන්දා උඩවත්ත
සංගීතය - සිරිල් පෙරේරා

Comments

  1. ගීතයට පදනම් වූ නිධාන කථාව හෝ ගීතයෙහි අර්ථය දැන ගන්න කැමතියි..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...