ගීතයක් සේ මතුවෙයන්‍‍‍ - අසංක ප්‍රියමන්ත පීරිස් | Geethayak se mathuweyan - Asanka Priyamantha Peiris


ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක...//
මා හැරදමා ගිය මියුලැසී...

හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ..
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී...

ගීතයක් සේ...//

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී...

ගීතයක් සේ...//

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ



Comments