කුමටද සොබනියෙ - රොඩ්නි වර්ණකුල | Kumatada Sobaniye - Rodney Warnakula - sinhala lyrics


කුමටද සොබනියෙ කදුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරනේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්...//

සඳ පායන කල ගඟබඩ ඉදගෙන
‍ඔබෙ හිස පීරන්නම්...
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
‍ඔබ ගෙන ඇවිදින්නම්..
සොදුරියෙ ආදර බස් දෙන්නම්..//

කුමටද සොබනියෙ...//

තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
ඔබෙ ඇග දෝවන්නම්..
ඉරපායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්..
කොමලියෙ ආදර බස් දෙන්නම්...//

කුමටද සොබනියෙ...//


ගායනය - රොඩ්නි වර්ණකුල
සංගීතය - ලයනල් අල්ගම
ගී පද - දයානන්ද ගුණවර්ධන
වේදිකා නාට්‍යය - නරි බෑනා

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...