ඔබ මලක් වෙලා - සෝමතිලක ජයමහ | Oba malak wela - Somathilaka Jayamaha


ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී...
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී...

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි...

ඔබ මලක් වෙලා...//

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක් වෙලා...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - සෝමතිලක ජයමහ
ගී පද - සුනිල් ආරියරත්න

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...