සිත ඔබ පාමුල - දීපිකා ප්‍රියදර්ශනී | Sitha Oba Pamula - Deepika Priyadarshani


සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සඳා රැදේ‍වා...ඔබේ ලොවේ...
සිත ඔබ පාමුල...//

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...
සිත ඔබ පාමුල...//

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

Comments

  1. පද රචනය: කුලරත්න අරියවංශ
    සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...