සීත අරණේ සුපුල් නාමල - මිල්ටන් මල්ලවාර්ච්චි, මාලිනී බුලත්සිංහල | Seetha arane - Milton Mallawarachchi, Malini Bulathsinghala



සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ...

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

සීත අරණේ...

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ...


ගායනය - මිල්ටන් මල්ලවාර්ච්චි සමහ මාලිනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

“ආරාධනා“ චිත්‍රපටයේ ගීතයක්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Tony Jko

Comments

  1. වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...