වාදකයාණෙනි - සුනිල් එදිරිසිංහ | Wadakayaneni - Sunil Edirisinghe


වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී...

අඬ අඳුරේ මන්මත් කල රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදය
කුමට වයන්නෙද එවන් සිතාරය

වාදකයාණෙන්...

නව ලොව එළි කළ අරුණාලෝකය
රන් කෙත කරනා සඳ ආලෝකය
සව් සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණෙන්...

ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - පී.වී.නන්දසිරි

Comments

  1. පැහැසරණිය මිනි පැමිනිය කියන සුනිල් එදිරිසිංහගෙ සින්දුව දෙන්න, ලොකු උදව්වක් දැන්ම දෙන්න

    ReplyDelete
  2. මෙ වගේ සින්දු විස්තර ඇතුව දුන්නට පිං, ගොඩක් රසිකයො ඔයත් එක්ක ඉන්නව හැමදාම......

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...