බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ | Banen benda - Sunil Edirisinghe


බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

බානෙන් බැඳ...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ///

ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය -

Comments

  1. නෑසෙන ගීයක රස නිතරම පැදුරට එක් කරන සුසිත සහෝගේ තවත් හොදම ඇමුනුමක්...විශ්ෂ්ඨයි සහෝ..

    ReplyDelete
  2. පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ

    ReplyDelete
  3. @ humble පොර : ස්තූතියි සහෝ..

    ReplyDelete
  4. කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
    නෙමේ
    කෝච්චියේ හිර ගෙයි ලග එන්නේ කියලයි මටනම් ඇහුනේ :)

    ගොඩක් ලස්සන ගීතයක් , බොහොමත්ම ස්තුති !

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...