එපා හිරු පායන්න - වික්ටර් රත්නායක | Epa hiru payanna - Victor Rathnayaka


එපා හිරු පායන්න 
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී...
මිදී නැවතී ඉන්න

එපා හිරු පායන්න...

පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..

එපා හිරු පායන්න...

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී



Ruchira Bandara



Comments

  1. මේ වචන කොහෙන් ඇවිත්ද

    ReplyDelete
  2. ගලා යන නදී දොල මිදී..
    මිදී නැවතී ඉන්න

    පොඩ්ඩක් මේ පේලිදෙක නිවැරදි කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...ඔන්න වෙනස් කලා..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...