මේ ප්‍රථම වසන්තයයි - සනත් නන්දසිරි | Me prathama wasanthayai - Sanath Nandasiri


මේ ප්‍රථම වසන්තයයි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා...
මේ ප්‍රථම වසන්තයයි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අදුරේ
ඔබ සුසුම් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තයයි...//

සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියද කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි...//

ගායනය - සනත් නන්දසිරි
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ

Comments

  1. තනුව රෝහණ වීරසිංහයන්ගේ .... :-)

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා!

      Delete
    2. හිතට වදින ලස්සන සිංදුවක්

      Delete
  2. දිය පහස පතා සිටි ඇති කතරේ නොව දිය පහස පතා සිටියද කතරේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...වෙනස් කලා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...