බිදුනු පෙම් හද - ගුණදාස කපුගේ | Bidunu Pem Hada - Gunadasa Kapuge


බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලවෙක නුඹට පෙම් බැන්දා


සරාගික වු නෙතින් ගිලිහේ
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ

කඳුළ නුඹ පිපුණා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලවෙක නුඹට පෙම් බැන්දා


ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ //
දිනෙකඇය මා අමුත්තන් සේ
යලිත් හමුවේවී

කඳුළ නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ ඔබ මා
කඳුළ නුඹ නාඩන්

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලවෙක නුඹට පෙම් බැන්දා


ගයනය, සංගීතය - ගුණදාස කපුගේ
පද - වසන්ත බණ්ඩාර දිසානායක




වීඩියෝව - deerslayer110

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...