පිටස්තරයා - කසුන් කල්හාර | Pitastharaya - Kasun Kalhara


රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ
නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...//
ප්‍රේමයේ...කවුළුවෙන් මුවා වී
එනිසාම සසලයි නිසලයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...

පරම පිවිතුරු ප්‍රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි...//
ප්‍රේමයේ දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි
රාත්‍රියේ...ඇවිස්සෙන ප්‍රේමයේ...
මඟ නොමඟ ගිහිං...
හදවතේ... පිටස්තරයා...
ගිණිසිළුව දැක දහවලේ...
ආදරේ...ලුහුබඳින කාලේ...
හදවතේ...පිටස්තරයා...

ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල

Comments

  1. මම අාස සිංදුවක්. ස්තූතියි සහෝ ගී පැදුරට ගෙනාවට.
    'එකම සැනසුම ජීවිතේ
    නොලැබී..ලැබී.. ඔබ ලැබීමයි...' මේ කොටසට ගොඩක් කැමතියි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...