කදුපාමුල සිට - ආත්මා ලියනගේ | Kandupamula sita - Aathma Liyanage - sinhala lyrics


කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

කදුපාමුල සිට...//

ගායනය, සංගිතය - ආත්මා ලියනගේ
තනුව - කාලෝ විජේවීර
ගී පද - සරත් ගුණරත්න

Comments

  1. ගී පැදුර ....
    මේකේ තනුව කළෝ විජේවීර කියලා කෙනෙක් සහ පද රචනය සරත් ගුණරත්න කියලා මහත්මයෙක් විය යුතුයි .....

    ඔබලා කරන මෙහෙවර ඉතාමත් අගය කරනවා ......

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...