උඬඟු ලියන් ගොතා බඳින - නන්දා මාලිනී  | Udangu liyan otha bandina - Nanda Malini - sinhala lyrics


උඬගු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත..........
මේ දෙරණේ...//

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත...
සුවඳ හලන්නට
මා පිපුනේ නැත...
මේ දෙරණේ

උඬගු ලියන්..

//රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට//
යන මහජනතා පා දූවිල්ලෙන්//
තැලී වෙලී සැනහී මියයන්නෙම්...

මගේ පරම පැතුම එයයි///
එමගට මා විසි කරන්න..........

ගායනය - විශාරද නන්දා මාලිනී
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - ඩෝල්ටන් අල්විස්

Comments

  1. මම දන්න තරමින් මේක ලියල තියන්නෙ ඩෝල්ටන් අල්විස් මහත්මයා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...