ඇරඹුමම කඳුලක් වෙලා - කසුන් කල්හාර | Arambumama kandulak wela - Kasun Kalhara - sinhala lyrics


ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා...//
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈගියා...

ඇරඹුමම කදුලක් වෙලා...//

ශෝකාන්තය එන තුරා
එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
අනන්තය ලඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුමම කදුලක් වෙලා...//


ගායනය - කසුන් කල්හාර
පද රචනය - දිලීප අබේසේකර
සංගීතය - නාලක අංජන කුමාර

Comments


  1. Prasangi Auwardt ගීතය ගැන යටපත් වී තිබු ඉතාම සංවේදී අදහසක් අකුරු කරන්නම්..සමාව අයදිමි මා වැරදි නම්....
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා.......මේ ගීතය මට දැන් දැන් දැනෙන්නේ භද්‍ර යොවුන් දරුවෙකුගේ සිතුවිළි ලෙසයි....ආ ගමන් මගේ හොදම හරිය තියෙද්දී මවක් අහිමි වෙන පුතෙක් ගේ දුක්බරම සිතුවිළි නොවේද මේ ගීතවත් වන්නේ කියා මට නම් සිතේ...දුක්බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා...//
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈගියා...

    ඇරඹුමම කදුලක් වෙලා.....මොන තරම් සංවේදී බවක් දැනෙනා ගීතයක්ද...දෙවියනේ මේ ගීතය පුරාම දරුවෙකු හැර ගිය මවක් මා දකිනවා...ජිවිතේ තේරුම් ගන්නට පෙර කිසිම දෙයක් නොකියා කොහෙද ගියේ මගේ අම්මේ කියා මටත් දැන් දැන් ඇසීමට සිතේ.....ශෝකාන්තය එන තුරා
    එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
    අනන්තය ලඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...

    ඇරඹුමම කදුලක් වෙලා......කෙදිනක හෝ මේ ගමන් මග මාද යායුතු නියා.....මා රැගෙන නොගොසින් අනන්තය ළග මා දමා....ඔබ ගියා අම්මේ..ජීවිතය තේරුම් ගන්න අපුරුම ගීතයක් වුණා මේ ගීතය නම් මට......

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...