රෝස මලෙක කටු ඇණුනා - එඩ්වඩ් ජයකොඩි | Rosa maleka katu anuna - Edward Jayakodi - sinhala lyrics


රෝස මලෙක කටු ඇණුනා
හද පතුලෙන් ලේ ගැලුවා
මගේ පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා... //

රෝස මලට නෑ දැනුනේ
මලේ සිනා රැව් නැගුනේ...

රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුලක් වැටුනා //
මල් පෙති මත එය රැඳුනා
පිණි බිඳුවක් වි දිලුනා...

රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ... //

හිරු අවරට ගොස් ගිලුනා
රෝස මලේ පෙති හැලුනා //
හදවත ඉකිබිඳ හැඬුවා
මල මත පරවී වැටුනා...

රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම් කල අරුමේ...///

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
පද රචනය -  සරලා ජීවන්ති ගමගේ
සංගීතය -  රෝහණ වීරසිංහ




Periwinklelk(ApArnA)

Comments

  1. හිරු අවරට ගොස් දිලුනා
    රෝස මලේ පෙති හැළුනා
    (හදවත ඉකි බිඳ හැඬුවා)
    මල මත පරවී වැටුනා...

    ReplyDelete
    Replies
    1. නිවැරදි කලා ස්තූතියි :-)

      Delete
  2. මේ සිංදුවේ තේරුම හරියට දන්න කෙනෙක් ඉන්නවද????

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සින්දුව ලියපු කෙනාගේ පෞද්ගලික අත්දැකීම මොකද්ද දන්නේ නැහැ, මට තේරෙන විදියට රොස මලක කටු ඇනුනා කියන්නෙ... ලස්සන කෙල්ලෙක් කොල්ලෙක්ගෙ හිතට වදින එකට
      උ එ කෙල්ල හිතෙ තියන් ඉන්නේ. ඒ උනාට කෙල්ලට කිසිම ගානකට ගන්නේ නැති ආඩම්බර කමක් තමයි තියෙන්නේ. කොල්ලෙක්ට කෙල්ලෙක්ව හිතට වැදුනම එකි තව ලස්සනට පෙනව දකින හැම සෙරෙකම. ඒ වගේම ආදරයක් ඇති වෙනවා.
      කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උනාම කෙල්ලට ඒ ගැන අඟවන්න සහ කෙල්ලව අයිති කරගන්න.... අපේ බශාවෙන්ම කියනවනම් කෙල්ලෙක්ව tock කරලා දාගන්න කොල්ලෙක් මොනවද කරන්නේ කියල එහෙමත් නැත්නම් මොනතරම් කට්ටක් කනවද කියල දන්නවනේ....
      අන්න ඒ එයා එක්ල්ල වෙනුවෙන් එයාගේ ආදරය ඉල්ලන්න එය වෙනුවෙන් කරන දේවල් අසාර්ථක උනාම එහෙමත් නැත්නම් කෙල්ල ඒ දේවල් ගන්න්ගන්නේ නැති එක තමයි මේ .... "හද පතුලෙන් ලේ ගැලුවා" කියල කියල තියෙන්නේ...
      කෙල්ල මේ කිසි දෙයක් පයට පාගෙන දුවිල්ලක් තරම් වත් ගණන් ගන්නේ නැතුව කොල්ල කරන දේවල් සමච්චයට ලක් කරලා එයා ආඩම්බරයෙන් සිටීම තමයි මේ..
      "මගේ පෙති මත ලේ හැලුනා
      මල රතු පාටින් දිලුනා"
      "රෝස මලට නෑ දැනුනේ
      මලේ සිනා රැව් නැගුනේ..."
      ඒ විදියට මුල් අන්තරා කොටස් දෙක කියනකොට තුන්වෙනි කොටසින් කියන්නේ..
      අපි දන්නවා සිංහල සාහිත්යේදී හිරු අවරට යනවා කියන්නේ ඒ තරම් සුබ නිමිත්තක් නෙමෙයි. ඒ කියන්නේ අසුබ දෙයක්.
      මලක් ලස්සනයි පෙති තියනකම්.. ඒත් මලක පෙති හැලුනොත් කවුද ඒ මල දිහා බලන්නේ... ඒ වගේ කෙල්ලෙක්ගෙ පතිවත තියනකම් ඕනෑම කෙනෙක් ආදරේ කරයි එත් එක නැති උනදාට ...?
      "හිරු අවරට ගොස් දිලුනා
      රෝස මලේ පෙති හැළුනා"
      අවංකම හිතින් ආදරය කොල්ලෙක්ට දරාගන්න බැහැ.. , කෙල්ලට තේරුනේ නැහැ .. ගණන් ගත්තේ නැහැ ඒ ආදරේ ..., එත් ලොකු අතු හොයන්න ගිහිලා කෙල්ල විනාස වෙලා.. කොහොම උනත් කොල්ලට ගොඩාක් දුකයි.
      "හදවත ඉකිබිඳ හැඬුවා
      මල මත පරවී වැටුනා..."
      ඔය මලට දැනුනම හදවත පෙම් කල තරම් මෙහෙම නොවෙන්න තිබ්බ.

      "රෝස මලට නෑ දැනුනේ
      හදවත පෙම් කල අරුමේ..."

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...