මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආ ගිය මග වගතොට
මතක අගුළු හැරදාලා
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුණා
පැහැසර ඔබේ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගනයුරු
මට කියා දී යන්න
උමතුව අද විලාප දෙන
හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ළය
මත ඔය සවන තියන්න
පැහැසර ඔබේ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
තනුව - සෙන්ටිග්‍රේඩ්ස්
ගී පද -
වීඩියෝව ගත්තෙ මෙතනින් - M Entertainments

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...