මුතු දෙපොටක් දිලිසුනා - මර්වින් මිහිඳුකුල | Muthu depatak hinahuna - Mervin Mihindukula - sinhala lyrics

මුතු දෙපොටක් දිලිසුනා
රතු දෙකපුල් හිනැහුනා
හේනේ පැලේ පැල් රැකලා
හේනේ පැලේ පැල් රැකලා
එනකොට මඟ හමුවුණා

බටලන්දේ
බටලන්දේ සිරි සිරි හඬ ඇසුණා
ඔබ පැවසූ රහසක් දැයි සිතුණා
හේනේ පැලේ මම තනියේ
හේනේ පැලේ මම තනියේ
ඉන්න පැයේ සිහි වුණා

මුතු දෙපොටක් දිලිසුනා
රතු දෙකපුල් හිනැහුනා
හේනේ පැලේ පැල් රැකලා
එනකොට මඟ හමුවුණා

අඩ නින්දේ
අඩ නින්දේ ඔබ මදහස පෙනුණා
මද අඳුරේ ඔබ මා ළඟ සිටියා
හේනේ පැලේ මම තනියේ
හේනේ පැලේ මම තනියේ
ඉන්න පැයේ සිහි වුණා

මුතු දෙපොටක් දිලිසුනා
රතු දෙකපුල් හිනැහුනා
හේනේ පැලේ පැල් රැකලා
හේනේ පැලේ පැල් රැකලා
එනකොට මඟ හමුවුණා


ගායනය - මර්වින් මිහිඳුකුල
තනුව සහ සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Janith Liyanage

Comments