අළු යට ගිනි - සේනක බටගොඩ | Alu yata gini - Senaka Batagoda - sinhala lyrics


පුපුරන්නට යන කන්දක් ළඟ
සුවසේ ඉන්නට බෑ 
අවදානම 
කොයි මොහොතෙද 

ජිවිතයම සීමා කොටු තුල 
සිරවී හිටියාද 
හිතෙනවා බැලූවම
පහු ගිය කාලය 

වෙනසක් විය යුතුමයි ජීවිතයට 
කවදද කොහොමද නොදනී හරියට 
අළු යට ගිනි 
වැනි සිතුවිලි 
අපිව වසා ගෙන 
කොහෙදෝ ඈතක යනවා 


සීතල කඳු වැටියෙන් ඔබ්බේ
නිල්ල පිරුනු මිටියාවත 
තෝතැන්නකි 
හැම දේටම 

ජීවිතයට අගයක් වේ නම් 
සිතුවිලිවල සුවඳ දැනේ නම් 
තව 
වෙන මොනවද 


වෙනසක් විය යුතුමයි ජීවිතයට 
කවදද කොහොමද නොදනී හරියට 
අළු යට ගිනි 
වැනි සිතුවිලි 
අපිව වසා ගෙන 
කොහෙදෝ ඈතක යනවා 

අළු යට ගිනි 
වැනි සිතුවිලි 
අපිව වසා ගෙන 
කොහෙදෝ ඈතක යනවා 


ගායනය - සේනක බටගොඩ
තනුව - සේනක බටගොඩ
ගී පද - සේනක බටගොඩ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Senaka Batagoda


Comments