පාවෙනා සිතුවිලි එන තැන
අහසෙ පොළොවේ කොතැනක සිටියත්
එලියෙ අඳුරේ කොතැනක හෙව්වත්
ඉවසන්නට වෙයි කාලයමයි පිළිතුරු
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු
ඉවසන්නම බැරි දේවල් ඉවසන්නම බෑ හිතුවට
ඉවසන්නම වෙනවාමයි හොඳ දේකට
ජීවිතයම ජයගන්නට ඉවසන්නම වෙයි හොඳටම
ඉවසන්න සන්න හරි ලේසියි හැම දේටම
සාගරේ වැනි සිතුවිලි රළ මත
ජීවිතේ ඔරුවකි පැද යන
කන්දෙ ලන්දේ සයුරේ වෙරළේ
හිම කතරේ හා වැලි කතරේ
හිටියත් ඉවසන්නට වෙයි නිරතුරු
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු
මට ඉවසිල්ලක් නෑ //
මට ඉවසිල්ලක් නෑ හරියට ඉවසන තුරු
ගායනය - සෙරීනා බටගොඩ
තනුව - සේනක බටගොඩ
ගී පද - සේනක බටගොඩ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Senaka Batagoda

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...