ආකාශ තලේ - ග්‍රැන්විල් රොද්‍රිගෝ | Akasha thale - Granvil Rodrigo - sinhala lyrics


ආකාශ තලේ චන්ද්‍ර සූර්ය රෂ්මි දිලේවි
ආකාශ තලේ චන්ද්‍ර සූර්ය රෂ්මි දිලේවි
ඒ සූර්ය චන්ද්‍ර ලෝකෙන් ලෝකය බබළාවි
දුගියාටත් රජිඳාටත් නෑ වෙනසක් ආලෝකේ 
ඇයි එහෙනම් මිනිසාගේ කුලවාදේ ධනවාදේ//

මහ වංශවතා දුගියා කවුරුත් මිනිසුන් වේ නම්
මේ කොයි කාටත් කුසගිනි එක සේ දැනෙතියි නම්
කඳුලැලි ඇස ගිලිහේ නම් හසරැලි මුව මතු වේ නම්
ඇයි මේ පුහු බොරු කෝළම්
ඇයි මේ පුහු බොරු කෝළම්
කඳුලැලි ඇස ගිලිහේනම් හසරැලි මුව මතු වේ නම්
ඇයි මේ පුහු බොරු කෝළම්
ඇයි මේ පුහු බොරු කෝළම්

ආකාශ තලේ චන්ද්‍ර සූර්ය රෂ්මි දිලේවි
ආකාශ තලේ චන්ද්‍ර සූර්ය රෂ්මි දිලේවි
ඒ සූර්ය චන්ද්‍ර ලෝකෙන් ලෝකය බබළාවි
දුගියාටත් රජිඳාටත් නෑ වෙනසක් ආලෝකේ 
ඇයි එහෙනම් මිනිසාගේ කුලවාදේ ධනවාදේ

එක මොහොතක තණ අග පිනිබිඳු ලෙස මිය යා නම්
මොන එහෙකට කොටුකර ගනිමුද ගොඩ මඩ මසුරන්
යනදා තනියම යාවි හැම දේ අන්සතු වේවි
වටිනාකම් ගිලිහේවි
වටිනාකම් ගිලිහේවි 
යනදා තනියම යාවි හැම දේ අන්සතු වේවි
වටිනාකම් ගිලිහේවි 
වටිනාකම් ගිලිහේවි 

ආකාශ තලේ චන්ද්‍ර සූර්ය රෂ්මි දිලේවි
ආකාශ තලේ චන්ද්‍ර සූර්ය රෂ්මි දිලේවි
ඒ සූර්ය චන්ද්‍ර ලෝකෙන් ලෝකය බබළාවි
දුගියාටත් රජිඳාටත් නෑ වෙනසක් ආලෝකේ 
ඇයි එහෙනම් මිනිසාගේ කුලවාදේ ධනවාදේ



ගායනය - ග්‍රැන්විල් රොද්‍රිගෝ
තනුව - ග්‍රැන්විල් රොද්‍රිගෝ
ගී පද - ග්‍රැන්විල් රොද්‍රිගෝ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sri Lanka Guardian TV

Comments