මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
සවනට ළංවී හෙමිහිට කොඳුරා
ඔබෙ සුරත මගේ නලලෙ තියා
සවනට ළංවී හෙමිහිට කොඳුරා
ඔබෙ සුරත මගේ නලලෙ තියා
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවණක හිඳිමු කියා
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
සෙනෙහෙ බිඳුණු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමත කිසි තැනක ඔසු
සෙනෙහෙ බිඳුණු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමත කිසි තැනක ඔසු
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතු
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
නොකියම යන්න ගිහින්
ගායනය - දිනේෂ් නානායක්කාර
තනුව - සරත් ද අල්විස්
ගි පද - ලක්ෂ්මන් මල්ලවාරච්චි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Mudith Sandu Pannilage

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...