වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනෙයි අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනෙයි අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනෙයි අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා
ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Vidura Dias Abayagunawardana
විචන සමහර තැන් දුටිමි වරද
ReplyDelete"මිහිර දැනෙයි"
"හතක් දිලේවී"
"සිතු"
"යළිඳු"
මුල් වචන දෙක නම් වැරදියි තමයි. අනිත් වචන නම් ඔබ කියපු විධිය නෙවෙයි වගේ :-) ස්තූතියි හොඳේ!
Delete