ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත | Ae neela wara peerala (suranganavi) - Dhanapala Udawatta - sinhala lyrics


ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී ///


ගායනය - ධනපාල උඩවත්ත
තනුව - ආර්.ඒ. චන්ද්‍රසේන
ගී පද - කරුණාරත්න අබේසේකර



වීඩියෝව ගත්තෙ මෙතනින් - lankastuff

Comments