දෑත දෙපා ලන ගිගිරි සරින් - ලක්ෂ්මන් විජේසේකර | Datha depa lana gigiri sarin - Lakshman Wijesekara - sinhala lyrics


දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන් //

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්

දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්


ගායනය - ලක්ෂ්මන් විජේසේකර
තනුව - කිංස්ලි රාජසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී




වීඩියෝව ගත්තෙ මෙතනින් -greenwalkpro

Comments

  1. ගීතයනම් අගෙයි.. මතකයි දවසක් මේ ගීතය හැදුන විදිහ රෑ ඉර පානේ කිව්වා.................. බන්දු කිව්ව විදිහට නුවර ඒළිය ගෙදරකදී තමයි කට්ටිය ඉන්න ගමන් මේ ගීතය ලියලා ගයලා තියෙන්නේ

    ReplyDelete
  2. හොයා ගත්තා හොයා ගත්තා.........................

    රෝහණ වීරසිංහලාගේ නුවරඒළියේ බ්ලැක්ෆූල් වල මහගෙදර කාමරක් අැතුලේ හැදුන ගීතයක්... කට්ටියම හේවුඩ් ඉන්න කාලේ සපුතන්ත්‍රී, බන්දුල විජේවීරයි ලක්ෂ්මන් විපේසේකරයි කට්ටියම නිවාඩුවට ගිය වෙලාවක නිකමට ලියලා කියපු ගීතයක්ලූ.............නිර්මාණ හැදෙන්නේ ඒහෙම තමයි...........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...