සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //
සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා //
එපා හිඳින්නට
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා
සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු
බඹර තුඩට සුව
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි //
සොඳුරු සිතක හැඩ
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි
සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු
ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - චන්න ජයනාත්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Madu Ranasinghe

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...