ශ්‍රී පා වඳිමූ මුණිගේ - සිසිර සේනාරත්න | Sri paa wandimu munige - Sisira Senarathna - sinhala lyrics
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
නිරිඳා දිළිඳා එක සේ
නිරිඳා දිළිඳා එක සේ
සිතාලා සැනසු දෙසූ සදහම්
සිතාලා සැනසු දෙසූ සදහම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
මේ ගොර සසරේ මහ ඝණ අදුරේ
තැවුණ පාපී දනා
තැවුණ පාපී දනා
මෙත් ගඟ නාවා සෙත් මග පෑවා
මාර ජී භගවා
මාර ජී භගවා
පය ධූලී සේ සලකා
පය ධූලී සේ සලකා
රාජ්‍ය සෞභාග්‍ය අතැරි නර දම්
රාජ්‍ය සෞභාග්‍ය අතැරි නර දම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
පෙරුම්දම් පුරා මරුන්මන් මරා
අනර්ඝ මෝක්ෂෙ ලැබී
අනර්ඝ මෝක්ෂෙ ලැබී
ලෝ හිමි ධර්මේ සදාය සාමේ
තුන් ලොව තාම වඳී
තුන් ලොව තාම වඳී
ශ්‍රී පා මුල ලෝ හිමිගේ
ශ්‍රී පා මුල ලෝ හිමිගේ
මගේ හිස පාපිස්නකට පුදම්
මගේ හිස පාපිස්නකට පුදම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
අමා මහ නිවනෙහි සැප දෙ උතුම්
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ශ්‍රී පා වඳිමූ මුණිගේ
ගායනය - සිසිර සේනාරත්න
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimmi Priyadarshanie

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...