කොවුලා වගේ - එම්. එස්. ප්‍රනාන්දු | Kovla wage love sinduma - MS Fernando - sinhala lyrics


කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
රෑ දවල් ගතවුණාම සැලකුවේ නෑ මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්තං මෙඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං

නයින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහේ බැලුවත් පෙනුණ එකා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

කොවුලා වගේ
කොවුලා වගේ ලව් සින්දුම කියපු එකා මං
වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං
පවුල බනියි ලේට් උණොත් ගිහින් එන්නද මං


ගායනය - එම්. එස්. ප්‍රනාන්දු




වීඩියෝව ගත්තෙ මෙතනින් - David M

Comments