මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මට වේදනාව දුන් අයුරු
කීවත් කුමක් කියයි දෝ..
ඔබ මට දුකක් නොවී යයි
කීවත් කුමක් කියයි දෝ..
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ..
මුළු ලොව මගෙන් අසාවී....
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ..
ඔබ නිවැරදි කියූවත්
මිනිසුන් සිනානොවෙයිදෝ..
ඔබ යලි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ...
මුළු ලොව මගෙන් අසාවී...
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රනීත් අබේසුන්දර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - mahesh priyankara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...