චංචල දෑසේ මායා - රයිනි චාරුකා | Chanchala Dase Maya - Raini Charuka - sinhala lyrics


චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා..
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා..
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා - හීන සාදනා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා..
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා..
පාට සේද සේල ගෙන ආ ඔයා..
නාවදාක හීන පාලු වී ගියා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා..
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා..
නෑසූ ගීත සීත රෑක ගී කියා..
කෝල දෑස ලෝල වේවි මා පෙළා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

චංචල දෑසේ මායා...

ගායනය : රයිනි චාරුකා
පද රචනය : හිමාලි එන්. ලියනගේ
සංගීතය : රාජ්





වීඩියෝව ගත්තේ මෙතැනින් - Music.lk

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...