යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කර දියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දිය පිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය
ගායනය - නන්දා මාලිනී
සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - සුනිල් ආරියරත්න
වීඩියෝව ගත්තෙ මෙතනින් - Charaka Batuwatta

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...