දිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්..
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ
පෙම් දෝලාවෙන්..//
ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු..
ගෙවුණු යෞවන විය තනි නොතනියේ උන් අයුරු..
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු..
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු ...
දිනෙක රන් සළු පළදා...
වියළි මග මහ වැලි කාන්තාර පසු කරවා..
පවස සන්සිඳවන ලෙස දිය උල්පත් හරවා..
පරව ගිලිහෙනතුරු සියොළඟ කලු සළු පොරවා..
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා..
දිනෙක රන් සළු පළදා...
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
වීඩියෝව ගත්තේ මෙතැනින් - Premakeerthi Gee

මගෙ ආසම එකක් !
ReplyDeleteගොඩාක් ස්තුතියි
ReplyDelete